April 2, 2026
Local NewsNews

2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.53%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 29 වන සතිය තුළදීය. එනම් ජූලි මාසයේ දීය.
ඒ අනුව ඩෙංගු රෝගීන් 41,121 ක් ජූලි මාසයෙන් වාර්තා වී තිබේ.
2017 ජනවාරි මාසයේ රොගීන් 10,927 ක්, පෙබරවාරී 8724ක් , මාර්තු මාසයේ 13,540ක්, අප්‍රේල් මාසයේ 12,510ක්, මැයි මාසයේ 15,936ක්, ජුනි මාසයේ 25,319 ක්, අගෝස්තු මාසයේ 22,270ක්, සැප්තැම්බර් මාසයේ 9514ක්, ඔක්තෝබර් මාසයේ 6594ක්, නොවැම්බර් මාසයේ 8814 ක් හා දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් 9173 ක් වාර්තා වී ඇත.
මඳුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරේ.
එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙන බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්

Shiran Viraj

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

Shiran Viraj

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj