26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට අවසර ලබාදී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පැවසුවේ.
මීට පෙර යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව ඇතුළු කරනු ලැබුවේ සෆාරි ජීප් රථ 500ක් පමණයි. දේශීය හා විදේශීය සංචාරකයින් මේ වනවිට වැඩි වශයෙන් අභයභූමිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස සෆාරී ජීප් රථ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

Shiran Viraj

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Shiran Viraj

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj