26.1 C
Colombo
January 26, 2026
International NewsNews

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා කියා සිටියේ අරාබි මුහුදේ ඒකාබද්ධ මුර සංචාරවල නිරත  ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් මගින් මෙම ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 142 ක් වන බව සඳහන්.
සැක කටයුතු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද එක්වූ බවයි  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.
අරාබි මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පසුගිය 3 වනදා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙලෙස යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 8 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

Shiran Viraj

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Shiran Viraj