28.4 C
Colombo
May 21, 2026
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනස

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද (08) විශේෂ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතයි.
ඉකුත්දා නිමාවූ ඉන්දීය තරගාවලියේ දී ඔහු යළිත් වරක් පාදයේ ආබාධයකට ලක්වුණා. නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමක දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෛද්‍ය කමිටුවේ සාමාජික වෛද්‍ය අර්ජුන ද සිල්වා පැවසුවේ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සුව අතට පත්වී ඇති බවයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා කවුරුන්දැයි බොහෝදුරට හෙට (09) ප‍්‍රකාශයට පත්කරනු ඇති. අද පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වුවහොත් මැතිව්ස් ඒ සඳහා පත් කිරීමට වැඩි ඉඩක් ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තේරීමේ වගකීම ද ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට පවරා තිබෙනවා. ඒ අනුව ඔහු තරගාවලි අතරතුර තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ඇති.
මෙරට ක‍්‍රීඩා නීතියට අනුව, පුහුණුකරුට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අනුව පවතින නීති සංශෝධනය කර පුහුණුකරුට ද කණ්ඩායම තේරිමේ වගකීම පැවරිමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. ශ‍්‍රී ලංකාවේ එවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරටයි.
ප‍්‍රධාන තේරීම් කමිටුව විසින් තරගාවලියක් සඳහා එක් සංචිතයක් පළමුව ප‍්‍රකාශයට පත් කරනු ලබනවා. එම සංචිතයෙන් තරගයට ක‍්‍රීඩා කරන අවසන් 11 දෙනා තෝරා ගන්නේ පුහුණුකරුගේ ප‍්‍රධානත්වයෙන් යුත් තවත් කමිටුවක් විසින්. ඊට කණ්ඩායමේ කළමණාකරු සහ නායකයාද ඇතුළත්. නව තීරණය එළඹෙන බංග්ලාදේශ සංචාරයේ සිට ක‍්‍රියාත්මක වනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj

‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයි

Shiran Viraj

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

Shiran Viraj