27.8 C
Colombo
July 15, 2026
NewsPolitical

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) සළකා බැලෙනවා.
ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි. ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ මෙහි සෙසු විනිසුරුවරුන් වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් දූෂණ විරෝධි සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඊයේ (10) ඉල්ලා සිටියේ ජනාධිපතිවරයෙක් කරන ලද  මෙම මත විමසීම සඳහා මැදිහත් වීමට තමන් වහන්සේටද අවසර ලබා දෙන ලෙසයි.
මෙම මත විමසීමට අදාළව කිසියම් කරුණු දැක්වීමක් ඇත්නම් අද දින ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සිය සාමාජිකයන්ට ද දැනුම් දි තිබෙනවා.
ඒ අනුව, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ  ඕනෑම සාමාජිකයෙකුට ද මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කරුණු දැක්විය හැකි බවයි එහි සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පැවසුවේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ එම ධුරය භාර ගන්නා විට බලාත්මකව පැවැති 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුල් විධිවිධානවලට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් වනවා.
එහෙත් පසුව සම්මත කෙරුනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් දක්වා අඩු කෙරුණා.
මේ අනුව, සිය ධුර කාලය 2021 දක්වා පවතින්නේ ද යන්නයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ. ඒ පිළිබඳ මතය ලබන 14 වැනිදාට පෙර ප‍්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Shiran Viraj

සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේ

Shiran Viraj

කථානායකට කළ ප්‍රකාශය මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉල්ලා අස්කර ගනී: “කථානායකවරයා අන්ත ලෙස ක්‍රියා කළා”

Shiran Viraj