April 7, 2026
EntertainmentEntertainment NewsNews

පන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණය

සිනමාව,ටෙලි නාට්‍යය, වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි මෙන්ම ලේඛණයේ ද ප්‍රවීණයකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් මේ වසරේ මේ මාසයේ දී සම්පූර්ණ වෙනවා. ඒ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ ‘මාතර ආච්චි’ චිත්‍රපටය නිසයි. එදා මෙන්ම අදත් ප්‍රේක්ෂකයින්ගේ අසීමිත ප්‍රතිචාර ලබන මේ සිනමා නිර්මාණය ඔස්සේ කලාවේ නව මං සොයා ගිය ප්‍රවීණයන් කිහිප දෙනෙක් ද වෙනවා. මේ හැමදේ ගැනම සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපිත් එක්ක කතා කළේ මේ විදිහට.
‘1973 ජනවාරි 11 වෙනිදා තමයි මගේ කුළුදුල් සිනමා නිර්මාණය වූ ‘මාතර ආච්චි’ චිත්‍රපටය තිරගත කළේ. මේ වන විට එම චිත්‍රපට අධ්‍යක්ෂණයට වසර 45ක් සම්පූර්ණ වෙනවා වගේම මගේ සිනමා අධ්‍යක්ෂණයටත් වසර 45ක් වෙනවා. ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායක සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගෙන වසර 45ක් වෙනවා. ඔහුගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය වුණේ මාතර ආච්චි සිනමා පටයයි. සුනිල් එදිරිසිංහ සිනමා ගායකයෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගෙන වසර 45ක් වෙනවා. වොලී නානායක්කාරගේ පළමු සහ අවසන් ගීතය තමයි මෙහි අඩංගු වෙන්නේ. ‘මාතර ආච්චි ‘ චිත්‍රපටය සිවු කුළුදුල් නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. මගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට වසර 45ක් සම්පූර්ණවීම මට ලොකු සතුටක්. ඒ වගේම නැවත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් හිතේ පවතිනවා. එය ඉටු කරගන්නට තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවර

Shiran Viraj

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj