July 17, 2026
Local NewsNews

රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි

පසුගිය අගෝස්තු මස 21 වැනිදා ජනමාධ්‍ය හමුවේ ලබාදුන් ප්‍රකාශයකින් අධිකරණයට සහ නීතීඥයන්ට අපහාස කිරීම යන චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22 දා) යළිත් කැඳවනු ලැබීය.
මාලිගාකන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශව දෙකක් විසින් අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ මෙම පෙත්සම් ගොනුකළ අතර ඔවුන් පවසා සිටියේ සම්පූර්ණ වීඩියෝ දර්ශන ඇතුළත් එම වීඩියෝව අදාළ ප්‍රකාශය ලබාගත් පෞද්ගලික රූපවාහිණි නාලිකාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දී ඇති බවයි.
අද මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ වීඩියෝව සියලු විනිසුරුවරුන්ට දැකගත හැකි වන පරිදි දර්ශනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.
මෙහිදී නීතිපතිවරයා සඳහන් කළේ රන්ජන් රාමනායකට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කිරීම වීඩියෝව නැරඹීමෙන් අනතුරුව සාකච්ඡාකොට සිදුකරන බවයි.
මෙම පෙත්සම් දෙක ලබන මාර්තු මස තුන්වැනි දින යළි කැඳවීමට නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..

Shiran Viraj

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj