28.4 C
Colombo
July 12, 2026
Local NewsNews

ඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්

පාසල් කාලය තුළ පාසල්වලට ඇතුල්වීම දේශපාලකයන්ට තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඌව පළාතේ සියලුම දෙමළ පාසල්වලට අදාළවයි.
තම උපදෙස් පරිදි ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා මෙම චක‍්‍රලේඛය නිකුත් කළ බවයි ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් පැවසුවේ.
කෙසේ වෙතත් අදාළ තහනම හදිසි ආපදා තත්ත්වයකදී වලංගු නොවන බවද ඔහු කියා සිටියා.
පාසල්වල සංවර්ධන කටයුතු පාසල් වේලාවෙන් පසුව සිදු කළ යුතු බවටද ඒ සඳහා ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත යුතු බවටද මෙම චක‍්‍රලේඛය මගින් විධිවිධාන සලසා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පාසලක ගොඩනැගිලි හෝ කී‍්‍රඩාංගණ වැනි සම්පත් වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහාද ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත යුතු බව මෙම චක‍්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර විදුහල්පතිවරියක දණගැස්සවූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් විභාග කිරීමට ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ලබන 01 වැනිදා උදෑසන 09.30ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසටයි ඔහුට සිතාසි නිකුත් කර තිබෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස දෙකක් තිස්සේ කූඩාරම්වල දුෂ්කර ජීවිතයක් ගෙවයි

Shiran Viraj