28.9 C
Colombo
May 28, 2026
NewsPolitical

“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයි

සන්ධාන ආණ්ඩුව බිඳ දමා කිසියම් කණ්ඩායමක් තනි ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදුවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් ඒ සඳහා විධිවිධාන සලසා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිවේදී මේනක හරන්කහ වැඩි දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙසේ සඳහන් වුවද ප‍්‍රායෝගික භාවිතයේ ඇතිවිය හැකි වෙනස් තත්ත්වයන්ද තිබෙන බවයි.
එහිදී සඳහන් කෙරුණේ “යම්කිසි ආකාරයකින් නිර්මාණය කෙරෙන ආණ්ඩුව තනි පක්ෂයකට තනි බලයක් ලබා ගැනීමේ පවතින දුෂ්කරතාවය නිසා අනෙකුත් පක්ෂවල එකතුවකින් සිදු වුණොත් එය යම්කිසි අවස්ථාවක ජාතික ආණ්ඩුවක් ලෙස නිර්වචනය කිරීමට ඉඩ තියෙනවා. එවන් අවස්ථාවකදී  ඔවුන්ට ආසන වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා.” යනුවෙනි.
ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් පැැහදිළිව අර්ථ දක්වා නොමැති බවද නීතිවේදී මේනක හරන්කහ කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදා

Shiran Viraj

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

Shiran Viraj