July 24, 2026
Local NewsNews

මී කඩන්න ගිහින් වලස් රංචුවකට කොටු වුණ හැටි(ඡායාරූප සහිතයි)

වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙක වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.
ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම පදේශයේ පදිංචි සෙල්වම් මහේන්ද්‍රන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ(18) සවස එලෙස ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ඇති බවයි.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි පුද්ගලයෙකු පැවසූවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදි වලස් දෙදෙනෙකු විසින් තම සඟයාට පහරදුන් අතර තමන් සිදුකළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.
එහිදි තුවාල ලැබු සඟයාද සමඟ තමන් ගසකට නැගී තමන්ගේ ඥාතීන්ට දුරකථනයෙන් කථාකොට තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලු අතර, තමන්ගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිළධාරීන් දැනුවත් කොට පොලිසිය සමඟ පැමිණ තමන් බේරාගත් බවද සිද්ධියට මුහුණදුන් පිරිස පැවසීය.
සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, පොලිසිය පැවසූවේ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් දැනුවත් කොට ඇති බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

Shiran Viraj

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

Shiran Viraj

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

Shiran Viraj