25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

අඟුණකොලපැලැස්ස ගෝටාබේගම ප‍්‍රදේශයේ ඇති බව කියන හිස නැති මිනිස් කඳ කොටස සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා.
එය සොයා ගැනුනේ ඊයේ (18) දිනයේදීයි.
ප‍්‍රදේශයේ වෙල් යායක එම මිනිස් කඳ කොටස වළදමා ඇති බවටයි පැවසෙන්නේ.
එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි අගුණකොලපැලැස්ස පොලීසිය පැවසුවේ. අද (19) පස්වරුවේ කඳ කොටස ගොඩ ගනු ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.
ඉකුත් දා කොළඹ කෙසෙල්වත්ත, අබ්දුල් හමීඞ් වීදිය ප‍්‍රදේශයේ තිබී සොයා ගැණුනු මිනිස් හිස කොටසට අයත් කඳ කොටස මෙය විය හැකි බවටද සැක පලවි තිබෙනවා. එම හිස කොටස පාතාල සාමාජික කොස් මල්ලිගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා. සැකකරුවන්ගෙන් ලද ප‍්‍රකාශ මතයි කඳ කොටස වළ දමා ඇති අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේ වෙල් යාය පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැණුනේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්න

Shiran Viraj

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Shiran Viraj

නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..

Shiran Viraj