February 1, 2026
International NewsNews

උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්

ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම්  චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට යැවු බව සඳහන්. ඒ පසුගිය  බ්‍රහස්පතින්දා (29) දිනයේ දීයි.
චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් මොහොතේ දී අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එය අතර පැවැති  සබඳතාවය බිඳ වැටුණු බවයි  ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ.
කෙසේ නමුත් ටොන් 2066 ක් බරැති මෙම චන්ද්‍රිකාව සමඟ සන්නිවේදන සබඳතා යළි ඇති කරගැනීම සඳහා උත්සාහයක නිරතවන බවද ඉන්දීය අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් කියා සිටියා.
මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැයකර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 270 ක් .
මෙයට පෙර ඉන්දියාව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ දී එය නිසි පරිදි කක්ෂගත කිරීමට නොහැකි වුණේ 2017 වසරේ අගෝස්තු 31වනදායි.
එය ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් අතීශයෙන් අසාර්ථක වූ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි සේවකයන් වර්ජනයේ…

Shiran Viraj

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

Shiran Viraj

අනාථ වුනු අරලිගහ මැඳුර

Shiran Viraj