26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

විදුලි සේවකයන් වර්ජනයේ…

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ, CEB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දින වෘත්තීය සමිති 28ක නියෝජිතයින් විරෝධතාවක් පවත්වන බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ, බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2023 වසරේ සිට මේ දක්වා විදුලි, යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් 300කට අධික ප්‍රමාණයක් විදේශගත වී ඇති බවයි.

මෙම තත්ත්වය විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් අර්බුදයක් ඇති කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj