27 C
Colombo
July 27, 2025
Local NewsNews

ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම ඇතුළු කාලගුණ සංසිද්ධි කිහිපයක් මීට බලපා ඇති බවයි.
මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන් ම සිරුර විජලයට හෙවත් වියළි තත්ත්වයට පත්විය හැකි බවයි.
අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය.
අහිතකර බලපෑම්වලින් වැළැකීම සඳහා දිනකට ජලය ලිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
මේ අතර දිවයින බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විදුලි ජනනය සඳහා දෙ ආකාරයෙන් බලපෑම් එල්ලවී ඇතැයි, විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, පවතින උණුසුම් තත්ත්වය දෛනික විදුලි අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති බවයි.
ජල විදුලි නිෂ්පාදනය පහළ ගිය ද විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මතුවී නැතැයි ද ඔහු පැවසී ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

Shiran Viraj

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj