26.7 C
Colombo
July 5, 2026
Local NewsNews

බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වර

බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය බළන්ගොඩ කාශ්‍යප හිමියෝ කියා සිටිති.

මෙම පුද්ගලයා මෙරටට ඒමට පෙර ඒ පිළිබඳ තොරතුරු රහස් පොලිසියටත් අනෙකුත් අංශවලටත් දාබ ලබා දුන්නද මෙතෙක් කිසිදු පියවරක් ඒ පිළිබඳව ගෙන නැතැයි ද උන්වහන්සේ කියා සිටිති.

මෙම පුද්ගලයා ඊජිප්තුවේ සුනඛයන් බලා ගත් පුද්ගලයෙක් බවත් ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නැතුව සිටිදී අනුගාමිකයන් මුදල් යවා ලංකාවට ගෙන්වාගෙන ඇති බවද උන්වහන්සේ පවසා සිටිති.

ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායාන අදහස් ඉදිරිපත් කරමින් මෙම පුද්ගලයා බුදු දහම විකෘති කරමින් සිටින බවද පවසන මොහු මානසික රෝගයකින් පුද්ගලයෙක් බවත් එනිසා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Related posts

අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට

Shiran Viraj

අර්බුදය මුදුනේ සිට කබ්රාල් වැඩ පෙන්නයි.. අඛණ්ඩව ඉන්ධන ගේන්න ඩොලර් දෙන වගකීම බාරගනී…

Shiran Viraj

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Shiran Viraj