January 26, 2026
Local NewsNews

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි සිටි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදුවු දින උදැසන තමන් ඡයාරූප ගනිද්දී බන්ධනාගාර රැඳවියන්ගේ මළ සිරුරු අසළ ගිනි අවි නොතිබු මුත් දහවල් මහෙස්ත‍්‍රාත්වරිය පැමිණ අපරාධ ස්ථානය පරීක්‍ෂාවට ලක් කරන විට බන්ධනාගාර රැඳවියන්ගේ මළ සිරුරු අසළ ගිනි අවි තිබු බවත්, තමා ඒ අවස්ථාවන් දෙකේම ඡයාරූප ලබාගත් බවත් බන්ධනාගාර මූලස්ථානයේ නිල ඡයාරූප ශිල්පියා වන ජේලර් නිරාජ් දුෂ්‍යන්ත ගුණවර්ධන විසින් ප්‍රකාශයක් ලබාදුන් බව  රහස් පොලිසිය විසින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ තවත් දෙදෙනෙක් සිවිල් ඇදුමින් පැමිණ මෙම සිදුවීම වූ දින රාත්‍රියේ රැදවියන් කිහිපදෙනෙකු තෝරාගෙන පිටතට රැගෙන ගොස් ඇති බවට සාක්ෂි ලැබී ඇති බවට වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයන් වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කර සිටියා.
.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින 09 දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj