April 7, 2026
NewsSportsSports News

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරන ලද පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
මෙහිදි හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වට සහභාගි වූ දිනේෂ් ප්‍රියන්ත මීටර් 63.70ක දුරක් වාර්තා කරමින් 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 63.97ක දුරක් හෙල්ල විසි කරමින් ඉන්දීය ක්‍රීඩකයකු විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවට ආසන්නයට පැමිණීමට සමත් වීම කැපීපෙනිණි.
පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනකු පමණ සහභාගි වී ඇති අතර ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනකු පැරාලිම්පික් ජාතික සංචිතය සදහා තෝරාගෙන ඇත.
ජාතික පැරාලිම්පික් කමිටුවේ ලියාපදිංචි ක්‍රීඩා සමාජයන්හි ජාතික පැරාලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තෝරාගැනීමේ තරගාවලිය සදහා සහභාගි වූ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඔක්තෝබර් මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තේරීම් තරගාවලියක් ලෙස මෙය පැවැති බව ජාතික පැරාලිම්පික් කමිටුව පවසනවා.
ලෝක වාර්තාව ආසන්නයටම පැමිණි දිනේෂ් ප්‍රියන්තගේ මෙම දස්කම නිසා ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි අතර , තරගාවලියට දිනේෂ් ප්‍රියන්ත නිසි පරිදි සුදානම් කිරීම බලධාරීන් සතු යුතුකමකි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Shiran Viraj

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Shiran Viraj