28.8 C
Colombo
May 19, 2026
NewsPolitical

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා එතුමාගේ ජන්ම දිනට සුබපැතීම සඳහා එක්වී තිබේ.
අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඒ මහතා වෙත නිදුක් නිරෝගි සුවය ප‍්‍රාර්ථනා කළේය.
එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත‍්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිවරයා එක්විය.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.
යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Shiran Viraj