28.4 C
Colombo
May 29, 2026
International NewsNews

හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට අද(06) දිනය තුළ පොලීසියට බාරවන ලෙස බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.
ඔහුට එරෙහිව එල්ල වි ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 12ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වෙයි.
ඔහුට වෙනම සිර මැදිරියක් සකස් කිරීමටත් අනෙකුත් සිරකරුවන්ගෙන් වෙන් කර තැබීමටත් අධිකරණය නියම කර තිබේ.
2003 වසරේ සිට 2011 වසර දක්වා බ්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ලූලා ද සිල්වාට එරෙහිව චෝදනා එල්ල වුවද එරට ආර්ථිකය ගොඩනගමින් කටයුතු කිරීම හේතුවෙන් මහජනතාව අධිකරණ තීරණයට දැඩි විරෝධය එල්ල කර තිබේ.
ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිස් සාඕ පෝලෝ නුවර විරෝධතාවයේ යෙදී සිටින බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා

Shiran Viraj

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj