26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, පෞද්ගලික අයැදුම්කරුවන්ට අප්‍රේල් 12 වන දා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි බව ය.
මේ වන විට නැවත සමීක්ෂණය සඳහා සුළු අයැදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Shiran Viraj

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Shiran Viraj

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj