26.1 C
Colombo
September 20, 2026
NewsPolitical
එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පවසනවා.
අදාළ අමාත්‍යවරුන්ට එරෙහිව කථානායකවරයා වෙත අද (06) දිනයේ විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බවයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිිව කටයුතු කළ එම අමාත්‍යවරුන්ට තවදුරටත් ආණ්ඩුවේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර ප‍්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරුන්ගෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසුවේ ඉතාමත් ඉක්මනින් විශ්වාශභංගය ගෙන එන ලෙසයි. කිවයුතු බොහෝ දේ ඇතැයිද ඔහු පැවසුවා.
මේ අතර විශ්වාසභංග යෝජනාවේ දී අග‍්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිසට තවදුරටත් කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළ නොහැකි බවද මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කියා සිටියා.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල කියා සිටියේ.
දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි සහ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන කැබිනට් අමාත්‍යවරුන් හය දෙනා අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නා.
මීට අමරතව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී බී ඒකනායක, ඩිලාන් පෙරේරා සහ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ද ඡන්දය ලබාදුන්නේ යෝජනාවට පක්ෂවයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ තාරානාත් බස්නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල ද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

Shiran Viraj