May 18, 2026
Local NewsNews

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයි

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන්ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජය    කැනඩාවේදී  වැඩසටහනක් දියත් කර  ඇති බව වාර්තා වනවා.
තමන්ට අවශ්‍ය  එක්සත් රාජ්‍යයක්ද , ෆෙඩරල් රාජ්‍යයක්ද, සමූහාණ්ඩුවක්ද නොමැතිනම් වෙනම රාජ්‍යයක්ද යන්න පිළිබඳව විමසීම මෙම ජනමත විචාරණයේ අරමුණ වන බව දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජයේ නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇති බව කැනඩා මාධ්‍ය වාර්තා පල කර තිබෙන්නේ.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඞ් මෙල්කර්ට් ද එක්ව ඇති බවද වාර්තා වනවා.
කැනඩාවේ  සිට  ආරම්භ කර ඇති මෙම වැඩසටහනින් අනතුරුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඊට අදාළ ක‍්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවයි  ටී.ජී.ටී.ඊ. සංවිධානය සඳහන් කර ඇත්තේ.‍
ශ්‍රී ලාංකාවේ දෙමළ ජනතාව සිය දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තීරණය කළ යුතු බව පෙන්වා දෙන රුද්‍රකුමාරන්, එම ප‍්‍රතිඵලය තමන් පිළිගන්නා බවයි ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම එවැනි ජනමත විචාරණ තුළින් ලොව පුරා අරගල රැසක් නිමාවට පත් කිරීමට හැකි වූ බවට ටී.ජී.ටී.ඊ. සංවිධානය සඳහන් කර තිබෙන්වා.
ඊට උදාහරණ වශයෙන් වෙනම රාජ්‍යයන් බිහි කළ දකුණු සුඩාන සහ නැගෙනහිර ටිමෝරයේ ද ජනමත විචාරණ ද ඇතුළත් වන බවයි රුද්‍රකුමරන් පෙන්වා දී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍

Shiran Viraj

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

Shiran Viraj