September 19, 2026
International NewsNews

රුසියානු අහසේ දිස් වූ අමුතු දේ – වීඩියෝ

මේ දිනවල පවතින පාපන්දු ලෝක කුසලාන උණුසුම අතරතුරේදී ඊයේ දින (17) කසාන් නගරවාසීන්ට රාත්‍රී අහසේ දී පුදුම යමක් දක්නට ලැබුණි. මෙය පිටසක්වල ජීවීන් යැයි මුලින් කසුකුසුවක් පැතිර ගියද, පසුව අනාවරණය වූයේ එය රුසියාව විසින් අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාවක් බවයි.

මෙම චන්ද්‍රිකාව, Plesketsk පරීක්ෂණාගාරයේ සිට Soyuz 2.1-b වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන් මොස්කව් වේලාවෙන් අළුයම 12.46ට අභ්‍යවකාශගත කර තිබුණි.

මේ සමග, පිටසක්වල ජීවීන් ලෝක කුසලානය නැරඹීමට පැමිණ ඇති බවට විහිළු තහළු ද සමාජ මාධ්‍ය ජාල වල පැතිරගොස් තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

Shiran Viraj

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

Shiran Viraj

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj