September 19, 2026
Local NewsNews

පොලිසිය විජයකලා සොයා යයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනියක වන විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එළඹෙන සතියේ ඇය සොයා යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
කතානායකවරයා විසින් නීතිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කිරීමෙන් පසුව මෙම පරීක්ෂණය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබුණි.
 
පසුගිය සතියේදී විජයකලා මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සිදුකරන අතරවාරයේ එම උත්සව සභාවේ සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, කිලිනොච්චි සහ යාපනය දිසාපතිවරුන් ඇතුළු පුද්ගලයන් 20 දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
 
අවසාන වශයෙන් විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව ලබාගත් සියලුම ප්‍රකාශ එකතු කොට වාර්තාවක් සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව ඇති බව පැවසේ.
 
පසුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදී නීතිපතිවරයා විසින් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂනායකවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Shiran Viraj

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

Shiran Viraj

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

Shiran Viraj