24.5 C
Colombo
June 11, 2025
Local News News

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා.
 
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්.
 
අද 01 උදෑසන එම දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. 
 
පාසලේ වාර විභාගය අවසන් වීම හේතුවෙන් අද දිනයේ පාසල නොගොස් ඔහු නිවසේ නතර වී සිට ඇති අතර මව කිළිනොච්චිය රෝහලට පිටත්ව ගිය අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මොහු පමණයි.
 
ඔහුගේ නිවස අසළින් ගිය අයෙක් දරුවෙකු ලණුවක සිර වී සිටිනු දැක වහාම පැමිණි ලණුව කපා දරුවා මුදා ගෙන තිබෙනවා.
 
ඒ අවස්ථාවේ දරුවා සිහිසුන් වී ඇති බව සිතා වහාම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇති අතර රෝහල් ගත කරන විටත් දරුවා මිය ගොස් ඇති බවයි කිළිනොච්චි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. 
 
දරුවාගේ මව සිය දරුවා මිය ගොස් ඇති බව දැනගෙන ඇත්තේ දරුවාගේ මළ සිරුර රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු

Shiran Viraj

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Shiran Viraj