28.9 C
Colombo
May 28, 2026
NewsPolitical

මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර

ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත්‍ උවිදු විජේවීර මහතා පවසයි.

මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද විජේවීර මහතා කියයි.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි.

රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවය අවසන් කොට වීශ්‍රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.

මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙන්ම කොටසක් වෙනවා.

එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තද ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව රට තුළ ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.‍

දෙවන පරපුර සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන නාවුල නගරයේ නිවසක සූදානම් කර තිබිණි.

– lankadeepa

Related posts

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්

Shiran Viraj

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්

Shiran Viraj

මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජු­මාලා

Shiran Viraj