April 7, 2026
Local NewsNews

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් ලාංකිකයින්ට YouTube හරහා මෙරට තුළදීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ඉපයිමට දැන් අවස්ථාවක් උදා වී ඇත.

ඒ මෙරට YouTube හවුල්කාර සහයෝගීත්වය සහිත පළමු Multi Channel Network ජාලය වන IdeaHell ආයතනය හරහායි.

මෙරට නිර්මාණකරුවන් මීට පෙර YouTube හරහා ශ්‍රි ලංකාව තුළ දීම මුදල් ඉපයීම ඉතා දුෂ්කර කර්තව්‍යක්ව පැවතුණි.

ඒ මෙතෙක් ශ්‍රි ලංකාවට  YouTube  [Partner Program] හවුල්කාර සහයෝගීත්වය සහිත ආයතනයක් නොතිබීම හේතුවෙනි.

මෙරට පළමු Multi Channel Network ජාලය IdeaHell ආයතනයට හිමිවිමත් සමඟ ලාංකීය නිර්මාණකරුවන් ඒ අවහිරතාවෙන් නිදහස් වේ.

ඒ අනූව  ඔවුන්ට මෙරට තුළ දීම සිය නිර්මාණ සඳහා නිසි මිලක්  ලාංකේය සමාගමක් හරහා ඉපයිමට හැකියි.

යම් අවස්ථාවක දී තමන්ගේම YouTube නාලිකාවක් පවත්වා ගෙන යන නිර්මාණකරුවෙකු හට එයින් මුදල් ඉපයීම සඳහා කළ යුතු වන්නේ තම තොරතුරු ඇතුළතු අයදුම්පතක් ideahell.lk වෙත ලැබීමට සැලැස්වීම පමණි.

කොළඹ 03, අල්විස් පෙදෙසේ පිහිටි IdeaHell පරිශ්‍රය, සතියේ සෑම දිනකම පැය 24 පුරාවටම විවෘතව පවතීන අතර ඇමරිකානු ඩොලර් 250,000 කට අධික ආයෝජන වටිනාකමකින් යුතු ශබ්දාගාරයක්, චිත්‍රාගාර හා අලෝකකරණ පහසුකම්වලින් එය සමන්විතයි.

නිර්මාණකරුවන් හට අවශ්‍ය කෙරෙන තාක්ෂණික හා සංස්කරණ සහායන් IdeaHell හි සිටින විශේෂඥයින් ලබා දෙන අතර ideahell.lk වෙබි අඩවියට පිවිසිමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Shiran Viraj