27.8 C
Colombo
July 9, 2026
News

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වූ අතර එහිදී රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN  පියවර ගනු ලැබිය.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා මෙහිදී ලබාගත්හ.
 
ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව ද මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම උත්සවයේදී කියා සිටියේය.
 
ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව  ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සව සභාව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
ITN සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එම උත්සව අවස්ථාවට සහභාගී වුහ.

Related posts

ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලය

Shiran Viraj

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Shiran Viraj