April 2, 2026
BusinessBusiness NewsNews

බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියි

බැංකු අතර ගනුදෙනු සේවා සහ මුදල් හුවමාරුව පසුගිය සිකුරාදා පැය කිහිපයක් ඇන හිටියේය.

ඊට හේතුව වූයේ, මෙරට විශාලතම ගෙවීම් පහසුකම් සපයන්නා වන LankaClear මුහුණ දුන් තාක්ෂණික දෝෂයක් බව sundaytimes.lk වාර්තා කරයි.

අපහසුතාවන්ට මුහුණ දුන් සමහර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පැවති මුදල්වලට සිදු වූයේ කුමක්දැයි මෙතෙක් සොයාගෙන නොමැත.

සඳුදා දිනය වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බවට බැංකු පැවසූ බව ඔවුන් කියා සිටී.

මහ බැංකුව යටතේ කි‍්‍රයාත්මක LankaClear හි සේවා මහ බැංකුවේ බලපත්ලාභී සියළුම වාණිජ බැංකු භාවිතා කරයි.

LankaClear හි ප‍්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පවසන්නේ, තම ගනුදෙනුකාර බැංකුවලට තාක්ෂණික දෝෂය පිළිබඳව දැනුම් දුන් බවත්, බැංකුවල ගනුදෙනුකරුවන්ට දැනුම් දීම බැංකුවල වගකීම බවත් ය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj