26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල් ඩබ්ලිව් පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් . ශ්‍රේෂ්ඨාධිකරණය මෙම  නියෝගය නිකුත් කළේ් පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතයි.

මෙම උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මීට පෙරද නිර්දේශ ඉදිරිපත් කළත් පොලිස්පතිවරයා එය කි‍්‍රයාත්මක කළේ නැහැ. පොලිස්පතිවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල් බඞ්ලිව් පාලිත රොහාන් සිරිවර්ධනට චෝදනා පත‍්‍රයක් ඇති බැවින් ඔහු උසස් කළ නොහැකි බවයි. එහෙත්, ඔහුට එරෙහිව එවැනි චෝදනා පත‍්‍රයක් නොමැති බව පවසමින් ජාතික පොලිස් කොමිෂන් සභාව එම උසස්වීම ලබාදෙන ලෙස යළි දැනුම් දි තිබුණා.

………………………………………………………………….

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

(05-10-2018 11:43)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. ඩබ්. පාලිත රොහාන් සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීම සඳහා බාධාවක් නොමැති බව ජාතික පොලිස් කොමිෂන් සභාව නැවත අවධාරණය කරනවා. මෙම උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මීට පෙරද නිර්දේශ ඉදිරිපත් කළත් පොලිස්පතිවරයා එය කි‍්‍රයාත්මක කළේ නැහැ.

පොලිස්පතිවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. ඩබ් පාලිත රොහාන් සිරිවර්ධනට චෝදනා පත‍්‍රයක් ඇති බැවින් ඔහු උසස් කළ නොහැකි බවයි. එහෙත්, ඔහුට එරෙහිව එවැනි චෝදනා පත‍්‍රයක් නොමැති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසනවා. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවටද පැමිණිල්ලක් කර ඇති අතර ඔවුන් නියෝග කර ඇත්තේ උසස් කිරීම සඳහා වන අදාළ නිර්දේශය දින 14ක් ඇතුලත කි‍්‍රයාත්මක කරන ලෙසයි. එහෙත්, පොලිස්පතිවරයා තවදුරටත් මෙම නිර්දේශය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

Shiran Viraj

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj

කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයි

Shiran Viraj