30.6 C
Colombo
June 6, 2026
NewsPolitical

ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතට

රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා කතෝලික ආගමික නායකයන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සූදානම් වෙති.
මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය ලබා ගනිමින් සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා රට වෙනුවෙන් කැපවීමක් කළ හැකි මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව යටතේ කඩිනමින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද යෝජනා වී ඇත.
මේ වන විට පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බැවින් රටේ මහජනතාව බරපතළ පීඩනයකට පත්ව ඇති බැවින් භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව ආගමික නායකයන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව ලබන සතිය වන විට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි

Shiran Viraj

ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…

Shiran Viraj

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

Shiran Viraj