30 C
Colombo
July 23, 2026
Local NewsNews

අනියම් පෙම ගිනි ගනී

තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් ගල්ගමුව – ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (21) සවස ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව විවාහක දෙදරු මවකි.

ඇය තම සැමියාගෙන් වෙන්වීමෙන් පසුව මෙම පුද්ගලා සමඟ වසර 11ක පමණ කලක සිට පමණ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට කරුණු හෙළි වි ඇති බව  පවසයි.

අදාල පුද්ගලයා රියදුරේකු ලෙස සේවය කර ඇත.

සිද්ධිය වූ දිනයේද සැකකාරියගේ නිවසට අනියම් සැමියා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් හට ගෙන තිබේ.

එම බහින් බස්වීම අතර තුර සැකකාරිය විසින් අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් විසි කර ගිනි තබා ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ අනියම් සැමියාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත්තේද සැකකාරිය විසින්ම බවත් රෝහල් ගත කර ඇති අයගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Shiran Viraj

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj