September 15, 2025
International NewsNews

ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්

ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට වැඩි සංඛ්‍යාවක කාන්තාවන් සාඵල්‍යතාව පිළිබඳ ගැටළුවලට මුහුණ දෙන බවයි.

මේ නිසා ජනගහනයේ සමබරතාව රැක ගැනීමට නොහැකි වී ඇති අතර, ළමා ජනගහනයට වඩා වැඩිහිටියන් සිටීම අහිතකර ප්‍රතිඵල ඇති කරන බව අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ පළ කර ඇති එම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව 1950 දශකයේදී කාන්තාවක් දරුවන් බිහි කිරීමේ සාමාන්‍යය 4.7ක් වූ අතර, පසුගිය වසර වන විට එය 2.4 දක්වා පහත වැටී තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Shiran Viraj

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

Shiran Viraj

භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..

Shiran Viraj