31.1 C
Colombo
June 9, 2025
Local News News

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

අද(10) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසීය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා ඇති බව සඳහන් වෙයි.

දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06,  මුල්ලේරියාව හා පැලවත්ත යන ප්‍රදේශවලට අද(10) සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වෙයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ එම කාලය තුළ කොළඹ 4 හා 5 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සැපයෙන බවයි .

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහින්ද-කරු තවත් හමුවක

Shiran Viraj

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…

Shiran Viraj