27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්

එජාප මන්ත‍්‍රීවරුන් වන තමනටද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රශ්න ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව තමන් සමඟින් සිනා නොවන කතා නොකරන බවද සුහදතාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් දුටු සැනින් සිනාසෙමින්, වැළඳ ගනිමින් ඔවුන් සමගින් ඉතා සුහදව කටයුතු කරන්නේ යයිද පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඉතා මිත්‍රශීලී අයෙක් යයිද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

අරලියගහ මන්දිරයේ දී වික‍්‍රමසිංහ මහතා ඉතා ලගින් ආශ්‍රය කලත් ගමේ උත්සවයකට පැමිණි අවස්ථාවල තමන් කිසිවිටෙක ඔහු අසළකටවත් නොයන්නේ නොහඳුනන ආකාරයෙන් අහක බලා යාම වික්‍රමසිංහ මහතාගේ පුරුද්ද නිසා යයිද ඔහු කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Shiran Viraj

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

Shiran Viraj

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Shiran Viraj