30 C
Colombo
September 19, 2026
NewsPolitical

එජාපය තුනට කැඩෙයි!!

උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි.

පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට මත පළ කරද්දී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීමට කිසිසේත් සූදානම් නැති බව කියයි.

ඒ නිසා පක්‍ෂයේ බහුතර කැමැත්තක් ඇති එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට තව පිරිසක් අවධාරණය කරති.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ රැක ගැනීමට කැපවී ක්‍රියාකරන කරු ජයසූරිය මහතාට අගමැති ධුරය ලබාදිය යුතු යැයි තවත් පාර්ශ්වයක් පෙන්වා දෙයි.

මේ ආකාරයට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රින් අතර පමණක් නොව එජාප පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

Shiran Viraj

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Shiran Viraj