27.8 C
Colombo
September 20, 2026
NewsPolitical

ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?

පාර්ලිමේන්තුව අද (23) උදෑසන 10.30ට යළි රැස්වීමට නියමිතව තිබේ

පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත් යොමු විය.

කෙසේ වෙතත් පර්ලිමෙන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 යන දිනයන්ගෙන් එකකදිවත් පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයෙකු පිළිබඳ වාර්තාවේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායකයි.

ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරනු ලැබ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ බවට  නිවේදනය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව  මුල්වරට රැස්වූයේ  පසුගිය 14 වැනි දාය.

පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තු නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. දින හතරේම පාර්ලිමේන්තුවට නොපැමිණි එකම මන්ත්‍රීවරයා ඔහුය.

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය යටතේත් පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් දුමින්ද දිසානායක මේ වන තෙක් වැඩ බාර ගැනීමට ගොස් නැතැයිද දැනගන්නට තිබේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj