August 4, 2026
NewsPolitical

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අද සති අන්ත පුවත්පතක් වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දෙමිනි.

අදාළ පුවත්පත් සාකච්ඡාවේදී පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබඳව හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් විමසීම් කර තිබිණ.

මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ,අනුශාසකවරයෙක් ලෙස තමන් කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පත් සාකච්ඡාවේදී පවසා තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Shiran Viraj

Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…

Shiran Viraj

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj