26.1 C
Colombo
September 16, 2026
NewsSportsSports News

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි. ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක අද තරගයට සහභාගී නොවන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. අද තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ටිම් සවුතියි. 

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20 කි‍්‍රකට් තරග සංඛ්‍යාව 15ක්. ඉන් තරග 07ක් නවසීලන්තය ජය ගත් අතර ශ‍්‍රී ලංකාව තරග 06ක් ජය ගත්තා. ශ‍්‍රී  ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේදී මේදක්වා පන්දුවාර 20 තරග 04ක් පවත්වා තිබෙනවා. ඉන් ශ‍්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ශ‍්‍රී ලංකාව 2006 වසරෙන් පසුව නවසීලන්තයේදී පන්දුවාර කි‍්‍රකට් තරගයක් ජය ගැනීමට සමත්කම් දක්වා නැහැ.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉකුත් වසරේ සහභාගී වූ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 15න් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 15ක් පමණයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේවනවිට අන්තර්ජාතික පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 09වන ස්ථානයේයි. නවසීලන්තය එම සටහනේ 06වන ස්ථානයේ පසුවනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj