28.4 C
Colombo
July 2, 2026
NewsSportsSports News

රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයට

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි.

ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණි.

ඒ අනුව ආරම්භ වු තරගයේ පළමු  වටය ලකුනු 6ට 3ක් ලෙස ජය ගත්තේ රෆායල් නඩාල් විසිනි.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන වටය ඉතා පහසුවෙන් ලකුණූ 6ට 2ක් ලෙස නඩාල් ජය ගැනීමට සමත් වුණි.

තීරණාත්ම තුන්වන සහ අවසන් වටයද ලකුණූ 6ට 2ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගත් නඩාල් තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ සටහනේ දෙවන ස්ථානයේ පසුවන රෆායල් නඩාල් හමුවේ මෙලෙස පරාජයට පත් වු මැතිව් එබ්ඩන් එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ පසුවන්නේ 106 වන ස්ථානයේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

Shiran Viraj

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

Shiran Viraj

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj