30.6 C
Colombo
July 5, 2026
International NewsNews

කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුට

ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි.

ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ කර්ච් සමුද්‍ර සන්ධියේදී ටැන්සානියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගැනීමට ලක්ව තිබේ.

අනතුරට පත් එක් නෞකාවක් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන අතර ඉන් අනෙක් නෞකාවට ඉන්ධන හුවමාරු කරන අතරතුර ගින්න හටගෙන තිබුණි.

එම අවස්ථාවේ කළු මුහුදේ කුණාටු සහිත කාලගුණයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයින් සාගරයට පැන දිවිබේරාගැනීමට උත්සහ දරා ඇති බවත් එම වාර්තා සඳහන් වෙයි.

සිදුවීමෙන් පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිමියානු බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Shiran Viraj

මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

Shiran Viraj

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Shiran Viraj