26.7 C
Colombo
June 2, 2026
NewsPolitical

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීනයේ ක්‍රමය අනුගමනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පිලිපීන සංචාරයේදී කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටියේ සිය අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේ

Shiran Viraj

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

Shiran Viraj