26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර  පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය වුනේ ඉතා ඉක්මනින්ම ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

කොහොම වුනත් මේ වන විට ලැබෙන විශ්වාසදායක ආරංචිමාර්ග වලට අනුව මේ වසරේ දෙසැම්බර් මස 05 වනදා ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වනවා.  එසේම ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථීර වශයෙන්ම පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පොළොන්නරුවේ පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මහජන හමුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණයකට සහ ජනාධිපති මැතිවරණයකක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරට ඡන්ද දායකයින්ට අවස්ථාව උදා වෙනවා. 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්

Shiran Viraj