July 4, 2026
Local NewsNews

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, කඹුරුපිටිය ප‍්‍රදේශයේදීයි.

මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බව පැවසෙන මාංචුවක්ද මෙහිදී පොලිස් භාරයට ගැණුනා.

සැකකාර ලාන්ස් කෝප‍්‍රල්වරයා සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සැඟව සිටින බවද පොලිසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක

Shiran Viraj

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj