31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසියට එක්වීමට තමන්ද සූදානමින් සිටින බව උතුරේ දේශපාලඥයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ අරුන් සිද්ධාර්තන් පවසනවා.

පාර්ශ්ව කිහිපයකින් තමන්ට ආරාධනා ලැබුණ බවත් වීසා ලැබෙන්නේ නම් තමන් ජිනීවා නුවර බලා පිටතව යන බවයි ඔහු සඳහන් කළේ. 

උතුරේ දේශපාලඥයින් මානව හිමිකම් සැසියට එක්වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නොව සිය පෞද්ගලික වරදාන වරප‍්‍රසාද හේතුවෙන් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

එහිදී “අඩුම තරමේ අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ නිවරැදි තොරුතුරුවත් තියෙනවාද මේ ගොල්ලො ගාව. එල්.ටී.ටී.ඊ එක අරන් ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවානේ.” යනුවෙන්ද සඳහන් කළා.


40 වන ජිනීවා මානව හිමිකම් සැසිය ඊයේ (25) ආරම්භ වූ අතර එය ලබන මාර්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

Shiran Viraj

මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

Shiran Viraj

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj