28.4 C
Colombo
June 9, 2025
Local News News

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත.

මෙසේ දඩ මුදල් නියම වුයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම පදිංචි හෙට්ටි ආරච්චිගේ අරුණ ශාන්ත නැමති අයකුටයි .

අදාල සැකකරු කිලෝ තුනකට ආසන්න තලගොයකු මරා දමා සිටි බව කියයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මොරෝන්දන්වේලි ප්‍රදේශයේ (11) දහවල් විල්පත්තුවඑළුවන්කුලම පිවිසුම වනජීවි කාර්යාලයේ නිළධාරින් සෝදිසි කිරීම් වල නිරතව සිටියදී තලගොයකු මරමින් සිටි මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

තලගොයා මැරීමට වරද පිළිගත් දඩයම්කරු රුපියල් 40000 ක දඩ මුදලින්  රුපියල් 25, 000  ඊයේ (11) ගෙවා තිබු අතර ඉතිරි 15000 ක මුදල මැයි 17 දින ගෙවිමට ද මහෙස්ත්‍රාත් වරයා නියෝග කර තිබුණී

දඩයම් කරු මරා සිටි තලගොයා විනාශ කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා වන ජීවි නිළධාරින්ට නියෝග කර ඇත.

Related posts

ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

Shiran Viraj

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Shiran Viraj

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

Shiran Viraj