27.9 C
Colombo
May 19, 2026
Local NewsNews

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත.

මෙසේ දඩ මුදල් නියම වුයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම පදිංචි හෙට්ටි ආරච්චිගේ අරුණ ශාන්ත නැමති අයකුටයි .

අදාල සැකකරු කිලෝ තුනකට ආසන්න තලගොයකු මරා දමා සිටි බව කියයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මොරෝන්දන්වේලි ප්‍රදේශයේ (11) දහවල් විල්පත්තුවඑළුවන්කුලම පිවිසුම වනජීවි කාර්යාලයේ නිළධාරින් සෝදිසි කිරීම් වල නිරතව සිටියදී තලගොයකු මරමින් සිටි මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

තලගොයා මැරීමට වරද පිළිගත් දඩයම්කරු රුපියල් 40000 ක දඩ මුදලින්  රුපියල් 25, 000  ඊයේ (11) ගෙවා තිබු අතර ඉතිරි 15000 ක මුදල මැයි 17 දින ගෙවිමට ද මහෙස්ත්‍රාත් වරයා නියෝග කර තිබුණී

දඩයම් කරු මරා සිටි තලගොයා විනාශ කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා වන ජීවි නිළධාරින්ට නියෝග කර ඇත.

Related posts

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

Shiran Viraj

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

නුවරඑලියේ මාර්ගවල සැරිසරන පෝනියන්ගෙන් නගර සභාව අදායම් උපදවා ගනී..

Shiran Viraj