26.1 C
Colombo
September 18, 2026
NewsSportsSports News

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු දෙකක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 232ක්.

එම ලකුණු සංඛ්‍යාව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාවයි.

එහිදී ෂුබ්මාන් ගිල් පන්දු 45කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස් කළේය.

ක්‍රිස් ලීන් පන්දු 29කදී ලකුණු 54යි.

ප්‍රවේගකාරි ඉනිමක් ක්‍රීඩා කල ඇන්ඩ්‍රෙ රසල් පන්දු 40කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 80ක් රැස් කළේය.

ලකුණු 233ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 198ක් පමණයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 34කදී ලකුණු 91ක් රැස් කර ගත්තේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් ඇතුලත්.

සූර්ය කුමාර් යාදව් පන්දුප 14කදී ලකුණු 26යි.

පන්දු යැවීමේදී සුනිල් නරේන්, හැරී ගර්නි සහ ඇන්ඩ්‍රෙ රසල් කඩුළු 2 බැගින් දවා ගත්තේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Shiran Viraj

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Shiran Viraj

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

Shiran Viraj