April 3, 2026
NewsPolitical

ඕනෑම මැතිවරණයකට සූදානම්

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.

අද (15) පෙරවරුවේ කාල්ටන් නිවස වෙත පැමිණි ප්‍රදේශවාසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කළේය.

“ළඟදීම පැවැත්වෙන් ජනාධිපතිවරණය. ඊලඟට පාර්ලිමේන්තු ඡන්දයකින් තමයි
පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න වෙන්නේ.

3න් දෙකක ඡන්දයකින් මිසක් වෙන ක්‍රමයක් නෑ පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න.

අපි ඕනම මැතිවරණයකට සූදානම්”

කැබිනට් මණ්ඩලය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීම පිළිබඳව පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

” 19වන සංශෝධනය තුළ ඇති වුණු ප්‍රශ්නෙනේ මේ.

කල්පනා කරන්නේ නැතුව අපිට පහරදීම සඳහා ඉදිරිපත් කෙරුණු 19 තුළ ඇතිවෙලා තියෙන දරුණුම තත්ත්වය මේක.

අද දෙදෙනා අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුම දිගින් දිගටම ගිහින් තමයි මේ තත්ත්වය ඇති වුණේ.

මේ දෙන්නාගේ රණ්ඩුව ජනතාවට බර පටවන්න බෑ.

රට විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා මේ අය එකතු වෙන්න ඕනෙ. 

ජනතාව වෙනුවෙන් එජාපයෙනුත් ජනාධිපතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා රැස්වෙන්න කියලා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්

Shiran Viraj

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Shiran Viraj

ජවිපෙ ලොක්කන්ගේ දරුවන් තොග පිටින් පුද්ගලික සරසවිවල..

Shiran Viraj