32.2 C
Colombo
July 8, 2026
Local NewsNews

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.

එහිදී අදාල පැහැදිලි කිරීමට අනුව මහාචාර් ය සම්පත් අමරතුංග මහතා පැහැදිලි කොට ඇත්තේ,

‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්දය පාදක කරගෙන විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාර් කයක් විශ්වවිද්‍යාලය තුල ගොඩනැගීමට උත්සහ කරනු ලැබුවා. එත් එක්කම ඒ ස්මාර් කය කලින් කලට දියුණු කරමින් පැමිණ ආ බවක් දමයි දැනගැනීමට තිබෙන්නේ.නමුත් ඇත්ත වශයෙන්ම කියනවානම් එය උතුර හා දකුණ සමගියට බාධාවක් විය හැකියි. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර් ය ශ්‍රී ස්ද්ගුණරාජා මහතා අද ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක් ඒත් එක්කම අතිශය දක්ෂ පරිපාලකයෙක්.මෑත කාලයේ මාදුටු දක්ෂතම උපකුලපතිවරයෙක්. ඒ නිසා එතුමා තීරණයකට එලඹෙනවා. ඒ ස්මාර් කය අද දවසට හෙට දවසට නොගැලපෙන නිසා එය යාපනය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට.

දැනට විශ්වවිද්‍යාල පද්දතියේ අධ්‍යාපනය හදාරන දරුවො යුද්දය අවසාන කරන අදියරේදී වයස අවුරුදු 09, 10, 11 වැනි වයස්වල සිටි අපේ දරුවෝ. දෙමළ, සිංහල හෝ මුස්ලිම්  කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රීලාංකික අපේ දරුවෝ. ඒ නිසා අද කියන්න සතුටුයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවන් 1500 ක් පමණ අධ්‍යාපනය හදාරනවා ඒත් එක්කම දකුණේ විශ්වවිද්‍යාලවල සෑම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් 600 ක් 700 ක් දමිළ දරුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණෙන දමිළ දරුවන් අධ්‍යාපනය හදාරනවා. අපට තිබෙන වැදගත්ම දේ තමයි මේ දරුවන් අතර ප්‍රශ්න නැහැ.

ඒ නිසා අපිට පෙර තිබුණු ඒ අත්දැකීම් ඉදිරියේදී දකින්නට නොලැබෙයි කියන එකට අපිට ඇති එකම සාධකය තමයි මේ දරුවන් අතර තිබෙන සමගිය සමාදානය. ඔවුන් ඉන්නේ සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල ඔවුන් සහභාගී වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ මේ දක්වා කිසිම ගැටලුවක් මේ විශ්වවිද්‍යාල තුල සිදු නොවීමට වගබලාගෙන තිබීම සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි.යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා තීරණයක් ගෙන මෙම ස්මාර් කය යාපනය විශ්වවිද්‍යාලයෙන් ඊයේ රාත්‍රියේ ඉවත් කරනවා මා සිතන පරිදි එය ඉතාමත්ම කාලෝචිතයි. අපට අවශ්‍ය වන්නේ යුද්දයේ ස්මාර් ක නොව සාමයේ ස්මාර් කයි. ඒ වෙනුවෙන් අපශ්‍ය කටයුතු අප අපේ දරුවන් සිදුකල යුතුයි. යනුවෙනි.

Related posts

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමති

Shiran Viraj

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Shiran Viraj